“ යො මං උපට්ඨහෙය්‍ය සො ගිලානං උපට්ඨහෙය්‍ය
...” (මහාවග්ගපාලිය – චීවරක්ඛන්ධකය)
යමෙක්
ගිලනුන්ට උපස්ථාන කෙරේද හේ මට උපස්ථාන කිරීම හා සමාන වන්නේය.
අම්මලා තාත්තලා දරුවෝ උස් මහත් කර සමාජයට දායාද කරති. එම දරුවන්ගෙන් දෙමවුපියන් රක්ෂා කරන්නෝ ද හැදු වැඩු දෙමවුපියන් දෙස නොබලන්නෝ ද වෙති. එවිට යන එන මං නැතිව අසරණ වන්නේ දරුවන් වෙනුවෙන් අප්‍රමාණ දුක්විඳි දෙමවුපියෝය.
මෙම ශෝචනීය කතන්දරයේම තවත් පැතිකඩකි. ඇතැම් වයෝවෘද්ධ
භික්ෂුන් වහන්සේට ඇතැම් විට ජීවිතයේ තනි වන්නට සිදුවීම දරුවන් මෙන් ඇති දැඩිකළ ගෝල
භික්ෂුන් වහන්සේ තම ගුරු හිමිවරුන් වයසට ගිය කල ඇප උපස්ථාන කිරීමෙන් වැලකුණු විට
අසරණ වන්නේ ගුරු හිමිවරුන්ය. යන්නට එන්නට තැනක් නොමැතිව දුක්ඛිත ජීවිතයක් ගත
කරන්නට සිදුවූ එවැනි වයෝවෘද්ධ භික්ෂුන් වහන්සේ වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන අමිලසිරි
වයෝවෘද්ධ භික්ෂු ආරාමය සංවේදී හදවත් ඇති අයගේ නෙතට කඳුළක් එක්කරනු නොඅනුමානය.
පැවිදි දිවියේදී අප්‍රමාණ වූ කටුක අත්දැකීම්වලට මුහුණ දෙමින් නන්නාඳුනන වයෝවෘද්ධ භික්ෂුන් වහන්සේ ගේ ජීවිත සැපවත් කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද මෙම භික්ෂු ආරාමය පවත්වාගෙන යනු ලබන්නේ මොදරවානේ අමිලසිරි තරුණ භික්ෂුන් වහන්සේ විසිනි.