Wednesday, January 20, 2016

ගිලන් වූ සඟරුවනට උවටැන් කරමින් පාරමිතා පුරනා පිංවත් අමිලසිරි ලොකු හාමුදුරුවෝ

මේ සංසාර ගමනේ සියල්ල අනියතය. ගිහියන් වේවා භික්‌ෂූන් වේවා මරණ මංචකයෙන් මේ ජීවිතය නිමා වේ. එහෙත් සසර ගමන නිවන් දකින තුරා පවතී. සසර ගමන කෙටිකරගනු රිසිව ගිහිගෙය හැරගොස්‌ පැවිදි දිවියට පිළිපන් මුත්, මේ ජීවිතයේ අනේකවිධ දුක්‌ඛ දොaමනස්‌සයන් සංඝයා වහන්සේටද උරුමය. උන්වහන්සේලා කායික රෝගාබාධවලට ලක්‌ව බරපතළ ලෙස ගිලන්වූ බොහෝ අවස්‌ථාවල මොදරවානේ අමිලසිරි භික්‌ෂු ගිලන් මධ්‍යස්‌ථානයට යති. එහි නේවාසිකව ප්‍රතිකාර ලබති.
පොල්ගහවෙල වැල්ලෑව ශ්‍රී බෝධිරුක්‌ඛාරාම පුරාණ විහාර භූමියේ වාට්‌ටු දෙකකින් යුක්‌තව පවත්වාගෙන යන මෙම භික්‌ෂු ගිලන් මධ්‍යස්‌ථානය තුළ වියපත් වූ සහ ගිලන් වූ භික්‌ෂූන් වහන්සේලා 65 නමක්‌ කිසිදු නිකාය භේදයක්‌ නොමැතිව වැඩ වසති. උන්වහන්සේලාගේ සකලවිධ අවශ්‍යතා සපිරෙන්නේ භික්‌ෂු ගිලන් මධ්‍යස්‌ථානයෙනි. මීට අමතරව මෙම විහාරස්‌ථානයට අනුබද්ධව පිරිවෙනක්‌ පැවැත්වේ. පිරිවෙනෙහි හිමිවරු විසිපස්‌ නමක්‌ අධ්‍යාපනය ලබති. උන්වහන්සේලාගේ විය හියදම් දරන්නට උර දෙන්නේ ද පූජ්‍ය මොදරවානේ අමිලසිරි නායක හාමුදුරුවන් වහන්සේය. උන්වහන්සේගේ බෝධිසත්ව ගුණෝපේත ප්‍රතිපදාව පුදුම එළවන සුලුය. මේ හිමිවරු නඩත්තු කිරීම සඳහා දිනකට රුපියල් හත්දහස්‌ පන්සියයක්‌ පමණ වැය වුවද උන්වහන්සේ සිය කළමනාකරණ පෞරුෂය ප්‍රකට කරමින් මෙම අභියෝගය භාරගෙන සිටිති. මෙය පහසු කටයුත්තක්‌ නොවේ. 

No comments:

Post a Comment