අමිලසිරි භික්‌ෂු නිවාසයේ නිර්මාතෘ
සහ සභාපති පූජ්‍ය මොදරවානේ අමිලසිරි හිමියන් ඒ අතීත කතාව අප සමඟ මෙසේ පැවැසූහ.
මීට වසර 14 කට පෙර මම කුරුණෑගල නගරයේ
බස් නැවතුම්පළක බිම වැතිරී හිටිය වයෝවෘද්ධ හිමිනමකට බනිස් ගෙඩියක් විසි කරන
මවක් දුටුවා. මේ සිද්ධිය දැකීමෙන් මම හරි සංවේගයට පත්වුණා. මම ළඟට ගිහින් බැලුවාම
හිමිනම හොඳටම ඔත්පලවෙලා. උන්වහන්සේ මළ මුත්‍ර ගොඩේ හිටියා. පසුව මම ඒ හිමිනම මේ
විහාරස්‌ථානයට රැගෙන ඇවිත් භික්‌ෂු ගිලන් මධ්‍යස්‌ථානය ආරම්භ කළා.
එදා - මෙදා තුර ගිලන්ව
මෙහි සිටි භික්‌ෂූන් 56 නමක් අපවත් වුණා. මේ
අයගේ ආදාහන කටයුතු සිදු කරන්න මිනී පෙට්‌ටිය ගන්නේ ණයට. පසුව දානපතියකුට කියා ඒ ණය
මුදල ගෙවා දමනවා. වසර 8 ක් පිණ්‌ඩපාතෙ වැඩම කර
හාමුදුරුවරු 65 නමක් ජීවත් කළා. වයස
අවුරුදු 102 ක නායක හිමිනමක්‌ද වයස
අවුරුදු 05 ක සාමනේර හිමි නමක්‌ද
මෙහි වැඩ සිටිනවා. මානසික රෝග, අංශභාගය, වයසට යැම නිසා හට ගන්නා
රෝග නිසා අසරණ වූ භික්‌ෂූන් ගිලන් වෙලා මෙහි සිටිනවා.
No comments:
Post a Comment