ඇඹිලිපිටියේ මොදරවාන ගම්මානයේ අට දෙනෙකුගෙන් යුතු ගොවි පවුලක පස්වැනියාව උපන් ඔහු පහළොස් හැවිරිදි වියේදී පැවිදි ජීවිතයට ඇතුළත් වූයේ දෙමවුපිය කැමැත්ත ඇතිවය. හෝමාගම දාම්පේ ශ්‍රී බෝධිවර්ධනාරාමයේ මාලඹේ මධුරසිරි හිමියන් යටතේ පැවිදි දිවියට ඇතුළත් වූ අමිලසිරි සාමණේරයන් වහන්සේ පිරිවෙන් අධ්‍යාපනයෙන් පසුව ;හීමාගම පාලි බෞද්ධ විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබූහ.
මේ අතරතුර වැල්ලව පන්සලේ විසූ පඤ්ඤානන්ද නායක හිමියන් රෝගාතුර වීමත් සමඟ උන්වහන්සේට ඇප උපස්ථාන කිරීමේ කාර්යයේ නිරත වූ අමිලසිරි හිමියෝ නායක හිමියන් අපවත් වීමෙන් පසු විහාරස්ථානයේ භාරකාරත්වයට පත්වූහ. ඒ එක්දහස් නවසිය අසූනවය වසරේදීය. විහාරස්ථානයේ කටයුතු කරගෙන යන අතරේදී 2002 වසරේදී වයෝවෘද්ධ භික්ෂු ආරාමය ආරම්භ කැරිණි.
No comments:
Post a Comment