ගිලනුන් වෙනුවෙන් තම ජීවිතය කැපකර සිටින අමිලසිරි හිමියෝ තම වකුගඩුවක් ද පරිත්‍යාග කර ඇත්තාහ. උන්වහන්සේ එම පරිත්‍යාගයේ ද ජාති ආගම් භේද තැකුවේ නැත.
කතෝලික දරුවෙකුට තම වකුගඩුවක් සමඟ රුපියල් ලක්‍ෂ හයක (600000/}) මුදලක් දන්දී තිබේ. මෙම දරුවාට වකුගඩුව දන්දීම සඳහා නායක හිමියන් ඉන්දියාවට වැඩම කර එහි කාලයක් ගත කළහ. නැවත ලංකාවට පැමිණ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රුපියල් ලක්‍ෂ පහළොවක් වැය කළහ. එම මුදල උන්වහන්සේ විසින් සොයා ගත්තේ ගිහිකල තම පියා වන පීටර් වීරසිංහටත්. මව වන ඩබ්. ඒ. මිසිලින් නෝනාටත් අයත් ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඉඩමක් විකිණීමෙනි.
මම ඒ අයගෙන් ගමන් වියදම් ගත්ත නම් ඒක පරිත්‍යාගයක් වෙන්නේ නැහැ.වකුගඩුව දන් දීලා අවුරුදු පහක් විතර වෙනවා. මාස කිහිපයක් ඒ වෙනුවෙන් පරිස්සම් වුණා. මම දැන් බෙහෙත් බොන්නෙත් නැහැ. බුදුසරණින් මේ වනතුරු මට හෙම්බිරිස්සාවක් කැස්සක්වත් හැදිලා නැහැ. මගේ ඊළඟ බලාපොරොත්තුව අක්මාවෙන් කොටසක් දන්දීමයි.
”ඔබ වහන්සේ මේ කරන හැම දෙයින්ම අවසානයට බලාපොරොත්තු වන්නේ කුමක් ද?
“ශරීරයේ කොටස් දන්දීමෙන් මම තවත් කෙනෙකු ජීවත් වීමේ සතුට අත් විඳිනවා. අසරණ භික්ෂුන් වහන්සේට උපස්ථාන කිරීමෙන් උන්වහන්සේලා නිරෝගී බවෙන් සිටීම මම විඳිනවා.”
No comments:
Post a Comment