Donate

වැල්ලෑව අමිලසිරි ගින් භික්ෂු නිවාසයට ඔබේ උපකාරය අවශ්‍යයි

ගිලන් භික්ෂුන් වහන්සේ රැකබලා ගන්නා විහාරස්ථානයක්පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැල්ලෑව ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පිහිටුවා ඇත.  කුරුණෑගල - කොළඹ ප්‍රධාන මාර්ගයේරත්මල්ගොඩ මහා විදුහල අසලින් වමට හැරී කිලෝමීටර් 3 1/2 ක් පමණ පොල් වතු හා වෙල් යාය මැදින් උස් කඳු මුදුනක් වෙත ගමන් කළ පසු අමිලසිරි වයෝවෘද්ධ ගිලන් භික්‍ෂු නිවාසය” යන නාමපුවරුව දැකිය හැකිය.

මෙම ස්ථානය පවත්වාගෙන යන්නේ මෝදරවානේ අමිලසිරි හිමියන් විසිනි. තම උත්සහය හා කැපවීම නිසාම මෙය පවත්වාගෙන යන්නේ දැඩි මූල්‍ය දුෂ්කරතා මැදයි. 2002 වර්ෂයේ දී ගිලන් වූ වයෝවෘද්ධ භික්ෂුන් වහන්සේ 6 දෙනකුගෙන් ආරම්භ කළේ බුදුරඳුන්ගේ දේශනය අනුව ගිලනුන්ට උපස්ථාන කිරීම – බුදුන්ට සැලකීම යන බුදු වදන සිහිපත් කරගෙන බව අමිලසිරි හිමියෝ පවසති.

ගිලන්වූ වයෝවෘද්ධ භික්ෂූන් අද වන විට 48ක් මෙහි වැඩ සිටිති. දිවයිනේ විවිධ පළාත්වලින් මේ ස්ථානයට භික්ෂුන් ගෙනැවිත් භාරදෙන බවත්රෝහල් මඟින් දභික්ෂූන්ගේ ඥාතින් මගින් දසමාජ සේවා ආයතනවලින්දප්‍රාදේශීය ලේකම්වරු මගින් ද භික්ෂුන් වහන්සේ මේ ස්ථානයට වැඩම කරවති.
ගිලන් භික්ෂුන්ට මෙහි පහසුකම් මදි - බෙහෙත්ආහාරපානනිදාගන්නා ඇඳන් ඇතුළු තවත් දෑ සමඟම ගොඩනැඟිලිවිවේකීව වැඩසිටින්න කාමර අවශ්‍යයි. මේවා ලබාදෙනවානම් හොඳයි. මෙහි නඩත්තු කටයුතු සඳහා මසකට රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් අවශ්‍යයි. දානපතියන් පරිත්‍යාගශීලින් මගින් ඒවා බලාපොරොත්තු වෙනවා.

මෙම මහඟු මෙහෙවරට ඔබටත් උදව් කල හැකිය. ඒ සඳහා ඔබ කලයුත්තේ තනිව හෝ පිරිසක් වසයෙන් එකතුව පහත සදහන් අවශ්‍යතාවයන් වෙනුවෙන් පිංවත් අමිලසිරි හිමියන්ගේ අනුසාසනා පරිදි ඒවාට දායක වීමයී


අංක 1. 

පනස් නමකට ආසන්න භික්ෂුන් වහන්සේලා උදේසා (මෙයින් 38 නමක්ම ගිලන් භික්ෂුන් වහන්සේලායි) දානය පිණිස අවැසි වියලි ආහාර ද්‍රව්‍ය පුණ්‍යායතනයට ලැබෙන්නට සැලැස්වීම හෝ ඒ සදහා මුදලින් ආදාර සැපයීම. එය ඔබ විසින් කල යුත්තේ පිංවත් අමිලසිරියන්ව දුරකතන මාර්ගයෙන් ‍හෝ ‍එම ස්ථාන‍යට ‍ගොස් මුණ ගැසී හෝ කතා බස් කොට උන්වහන්සේගේ අනුසාසනා පරිදිය.

අංක 2.
ගිලන් භික්ෂුන් වහන්සේලා එලිමහනට වඩමවා අව්ව, සුළඟ හා සොබා දහමට සමීප කරමින් ඒකාකාරී බවින් යම් මොහොතකට හෝ උන්වහන්සේලා ‍මුදවා ගැනීම පිනිස එලියට වඩම්මවා ගැනීම පිණිස අවශ්‍ය කරන පහසුකම් සහිත රෝද පුටු කීපයක් පුජා කිරීම. මෙයද පුජණීය අමිලසිරි හිමියන්ගේ අවවාද අනුසාසනා පරිදිම සිදු කරන්න. 

අංක 3. 

ඇවිද යාමට අසීරු දැඩි ගිලන් බවින් හෝ වයෝවෘද්ධ බවින් පෙලෙන භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් අවශ්‍ය කරන කොමොඩ් වීල් චෙයා නාමයෙන් හදුන්වනු ලබන රොද පුටු කීපයක් පුජා කිරීම.




If you are donating more than Rs.20,000, the temple would like to acknowledge this sponsorship publically via a notice board and announcement and website will you authorize us to announce your name (s)? 
Some useful items to take if you visit would be, Rice Dhal milk powder tea sugar bed sheets, mackintoshes books for the novice monks. etc.

No comments:

Post a Comment