Sunday, January 17, 2016

අමිලසිරි ගිලන් භික්ෂු නිවාසය

මීට වසර 14 කට පෙර මම කුරුණෑගල නගරයේ බස්‌ නැවතුම්පළක බිම වැතිරී හිටිය වයෝවෘද්ධ හිමිනමකට බනිස්‌ ගෙඩියක්‌ විසි කරන මවක්‌ දුටුවා. මේ සිද්ධිය දැකීමෙන් මම හරි සංවේගයට පත්වුණා. මම ළඟට ගිහින් බැලුවාම හිමිනම හොඳටම ඔත්පලවෙලා. උන්වහන්සේ මළ මුත්‍ර ගොඩේ හිටියා. පසුව මම ඒ හිමිනම මේ විහාරස්‌ථානයට රැගෙන ඇවිත් භික්‌ෂු ගිලන් මධ්‍යස්‌ථානය ආරම්භ කළා.
බුදු මුවින් දහ ගිලානෝපස්‌ථානය
යො මං උපට්ඨහෙය්‍ය සො ගිලානං උපට්ඨහෙය්‍ය ...” (මහාවග්ගපාලිය චීවරක්ඛන්ධකය)
යමෙක් ගිලනුන්ට උපස්ථාන කෙරේද හේ මට උපස්ථාන කිරීම හා සමාන වන්නේය.
අමිලසිරි ගින් භික්ෂු නිවාසය
වැල්ලෑව, පොල්ගහවෙල.
077 985 3518 /  071-626-9713

No comments:

Post a Comment